පාර්ලිමේන්තුවට විශේෂ ආරක්‍ෂාවක්

Share

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භවීමට පෙර විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

ඒ අනුව මැති සබයේ කතානායක ගැලරිය සහ මහජන ගැලරියද වසා තැබීමට පියවර ගෙන ඇති අතර ආරක්‍ෂක හේතුමත මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයින්, වාහන සහ රැගෙන එන භාණ්ඩ මෙන්ම ගමන් මළුද විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළට වෙනත් කිසිදු පුද්ගලයෙකුට පැමිණීමට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

පාර්ලිමේන්තුවට අද දිනයේද විශේෂ ආරක්‍ෂාවක් ලබාදෙන බව පොලීසිය පැවසීය.

Read more

Local News