අකිල අද පරික්ෂණයකට

Share

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය 20දා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

එ් අනුව ඔහු අද (23) දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නියමිතය.

එංගලන්තය සමඟ අද කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය සඳහා අකිල ධනංජය වෙනුවට නිශාන් පීරිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Read more

Local News