ව්‍යාවස්ථාදායක තුළ සත්‍ය ජයගත් බව සජිත් කියයි

Share

රට තුල වැරදි දේ දකිමින් බල උන්මාදයෙන් මේ රටේ පරිනතයි කියන දේශපාලඥයින් දේශපාලුවන් විදිහට ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගියදා අධිකරණය තුළ සත්‍ය ජයගත් ආකාරයට අද දින ව්‍යාවස්ථාදායක තුළ සත්‍ය ජය ගත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ අතර මේ දේශපාල අර්බුද හමුවේ වර්තමානයේ පීඩා විදින්නේ රටේ පොදු ජනතාව බවත් මේ වන විට විදේශ රටවලින් සම්බාදක පැනවීමේ තත්ත්වයක් හටගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එ් මහතා වැඩ්දුරටත් පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අනිවාර්යෙන්ම මැතිවරණයකට යා යුතු බවත් එහෙත් පවතින අර්බුදය තත්ත්වය තුළ මැතිවරණයකට නොයන බවයි.

Read more

Local News