අද අශෝක පුර ජනතා අයිතියට පැවරේ.

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව උදා ගම්මාන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානිංගල ඉදි වූ නව නිවාස 98කින් සමන්විත අශෝක පුර 43වන ආදර්ශ ගම්මානය අද (18)  ජනතා අයිතියට පැවරේ.
අශෝකපුර ගම්මානය ඉදිකිරීම 2016 වසරේ දී ආරම්භ වූ අතර නිවාස ඉදිකරගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබාදී ඇති අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
අශෝකපුර ගම්මානයේ භූමි ප්‍රමාණය අක්කර 10කි. සෑම නිවසක් ම පර්චස් 12ක ගෙවත්තකින් සමන්විත වන අතර ගම්මානය විදුලිය හා පානීය ජල සැපයුම, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. ගම්මානය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 76.35කි.

Read more

Local News