ලෝකය ඉදිරියේ රට හෑල්ලුවට ලක්වෙලා

Share

මතුව ඇති දේශපාලන අර්බුද හේතුවෙන් ලෝකය හමුවේ රට හෑල්ලූවට ලක්ව ඇති බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

රට පාලනය කරන නායකයින් රට කරවන තැනදී සිදුකරන කි‍්‍රයා ඊට හේතුවී ඇති බව ආදිවාසී නායකයා පෙන්වා දෙයි.

විද්වතුන්ගෙන් සැදුම්ලත් විජයග‍්‍රාහී ජාතික සංවිධානයේ නියෝජිත පිරිසක් ආදිවාසී නායකයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

සියළු ආගමික නායකයන් එක්ව රටේ පවතින අර්බුදය විසදා ගැනීම සදහා දේශපාලන නායකයන්ට උපදෙස් ලබාදිය යුතු බවද උරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Read more

Local News