අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Share

කොළඹ ප්‍රදේශ රැසකට අද (24) පෙරවරු 08.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රගාරයේ සිදු කෙරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 08.00 සිට හෙට(25) අළුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේය.

කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශ වලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

එමෙන්ම කොට්කාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට සහ රත්මලාන සහ සොයිසාපුර නිවාස සංකීර්ණය යන ප්‍රදේශවලට ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read more

Local News