ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර

Share

ජපානයේ ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා ජපානයේ ශ්‍රී ලංකා තානාපති සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ‍අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබා දීමට ජපාන රජය මෙහිදී එකඟතාවය පලකරන ලදී. ගල්ගමුව, තෙල්දෙනිය, වරකාපොළ සහ කාන්තන්කුඩිය යන මූලික රෝහල් සංවර්ධනය කිරීම ජපන් රජයේ ජයිකා ව්‍යාපෘතිය යටතේය.

Read more

Local News