හිටපු අගමැති මහ නාහිමිවරුන් හමුවෙයි

Share

එක්සත් ජාතික පක්‍ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (24) මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටුවා.

අද පෙරවරු 9.00 ට පමණ මල්වතු මහා විහාරයට පැමිණි වික‍්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නාහිමියන් බැහැ දුටු බව වාර්තා වේ.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥානරතන හිමියන් බැහැදැක තිබේ.

Read more

Local News