එජාපයෙනුත් කෘතියක් එළිදක්වයි

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයද කෘතියක් ප‍්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න පවසයි.

ඔහු මේ බව කියාසිටියේ ‘‘රනිල් සමග නොකෙරුණු දීගය’’ නමින් ලබන ජනවාරියේදී පොතක් එළිදක්වන බවට ජනාධිපතිවරයා ඊයේ (23) සිදුකළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමිනි.

එක්සත් ජාතික පක්‍ෂය එළිදක්වන පොත ‘‘ජනාධිපතිවරයාගේ මහා පාවාදීම’’ ලෙස නම් කරන බවද මන්තී‍්‍රවරයා කියා සිටියේය.

මහනුවර නගරයේ අද (24) පෙරවරුවේ පැවති යුක්තියේ ජනහඩ විරෝධතා රැළියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මේ බව කියාසිටියා.

Read more

Local News