එකම දුම්රියක් තැන් දෙකකදී පිළී පනියි

Share

රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුවී තිබේ.

හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ සේවා සපයන දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බව වාර්තා වේ.

අද (25) උදෑසන 7.45 ට පමණ සේවා සපයන දුම්රියක දොඹකරයක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර එය ඊයේ රාත්‍රී 7.00 ට පමණ හැටන් දුම්රිය ස්ථානය අසලදී ද එය පීලි පැනීමකට ලක්වී තිබේ.

කෙසේවෙතත් එය ඊයේ රාත්‍රී 12.00 පමණ වන විට යළිත් පීලිගත කර තිබිණි.

උඩරට මාර්ගයේ නඩත්තු කටයුතු කිහිපයක් සඳහා මෙම සේවා දුම්රිය කොළඹ සිට තලවකැලේ ප්‍රදේශයට රැගෙන ගොස් තිබු අතර එම කටයුතු අවසන් කර යළිත් කොළඹ දක්වා ධාවනය වෙමින් තිබෙන අතරතුරදී මෙලෙස අවස්ථා දෙකකදී පීලි පැන ඇත.

Read more

Local News