මාතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පලාගිය යතුරුපැදිය සොයාගනියි

Share

මාතර – ඇළවේල්ල පාර, ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකාර සිසුන් තිදෙනා පැමිණි යතුරුපැදිය සොයාගෙන ඇති බව වාර්තාවේ.

මාතර නගරයට අසන්න ස්ථානයක එය දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය විසින් යතුරුපැදියේ හිමිකරුගේ අනන්‍යතාවය ද මේ වනවිටත් තහවුරු කරගෙන ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී සිදුකරන බවද වාර්තා වේ.

ඊයේ (24) පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවිය.

Read more

Local News