දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

Share

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ කෑගල්ල, රත්නපුර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර අැති බවයි.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට දැරණියගල දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් නායයෑම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් නායයෑම් පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

Read more

Local News