මාතර සිසුවා මැරූ දෙදෙනෙකු දැලේ

Share

පසුගියදා මාතර – ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කළ ප්‍රධාන සැකකරු දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පිහි ඇනුම සිදු කළ ප්‍රධාන සැකකරුවන 17 හැවිරිදි මාතුන් කන්කානම්ගේ සිතිජ සෞදර්ය යන සිසුවකු වන අතර ඔහු අද මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුව රක්ෂීත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

එමෙන්ම මෙම ඝාතනයට සම්බනධ තවත් සැකකරුවෙකු අද මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කර්යාලයට ගොස් බාර වි ඇති අතර එම අවස්ථාවෙදි ඔහුවද පොලිසි විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිද තුෂාන් නිම්නජිත් දිසානායක නම් සිසුවායි.

පසුගිය 24වනදා මාතර ඇළවේල්ල හරස් මාර්ගයේදී පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටි පාසල් සිසුන් පිරිසකට තවත් පාසල් සිසුන් පිරිසක්  කළ පහරදීමක් අතරතුර පිහි ඇණුමකට ලක් වූ 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රවිඳු ගිම්හාන් නම් සිසුවා මෙසේ ජිවිතක්ෂයට පත්විය.

මෙම පහර දීම අසල ආරක්ෂිත කැමරාවක  සටහන්ව තිබු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05ක් විවිධ ප්‍රදේශ වලට යොමු කර කෙරිණි.

මේ අතර අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදිය මාතර – වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදි ඊයේ (25) පොලිසිය විසින් සොයා ගනු ලැබිය.

Read more

Local News