ඩොලරය ශක්තිමත් වෙන බව නලීන් කියයි

Share

ඩොලරය ඉතාමත් ශක්තිමත් වෙමින් පවතින බවත්, රුපියල මේ වන විට ඉතාමත් පහළට බහින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නලීන් බණ්ඩාර මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින්  “යාපනයේ සරසවියේ කොටි සැමරුම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ සිදුවුණානම් තප්පුලන හැටි බලාගන්න තිබුණා. අද ඩොලරය නහුතෙට නගිනවා. බන්දුලට මුදල් ඇමතිකම දුන්නානම් මේක පාලනය කරයිද දන්නේ නෑ. එතුමා ආර්ථික සභාවේ චක්‍රවර්තීනේ.

සිංගප්පූරු ගිවිසුම හොඳ ගිවිසුමක් කිව්වා. ඒක ගැන කෑ ගහපු GMOA එකේ කතාවක් නෑ. අපි කරපු දේවල් හරි කියන තැනට දැන් පත්වෙලා. ක්‍රිකට් කඩා වැටිලා තිබෙනවා. ක්‍රිකට් කඩා වැටීමටත් වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහද? ජනපතිතුමා එක තැනකදී කටින් කථා කරනවා. තවත් තැනකදී අධෝ මුඛයෙන් කථා කරන හැටි තමයි පේන්න තිබෙන්නේ. දැන් එතුමාගේ අවසන් තුරුම්පුව එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන එකයි.” පැවසීය.

Read more

Local News