ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක

Share

කොලොන්නාව හා ඔරුගොඩවත්ත අතර ධාවනය වෙමින් තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය එංජිමක් නවතා ප්‍රදේශ වාසින් විසින් දුම්රිය රියදුරට සහ සහයකට පහර දි තිබෙන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්, ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

මේ හේතුවෙන් සියලුම ඉන්ධන ප්‍රවාහන කරණ දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත සිටින බවත් ඒ මොහොතේ සිට කොළොන්නාව බහළුම් පරියන්තයේ සිට ඉන්ධන ප්‍රවාහනය ඇණ හිට ඇති බව වාර්තාවේ.

මෙලෙස පහර දී ඇත්තේ 278 යන අංකය දරණ දුම්රිය එංජිම ධාවනය කළ රියදුරුට සහ සහයකට වන අතර දුම්රිය එංජිම අධික වේගයෙන් ධාවනය කරන බව පවසමින් මෙම පිරිස අද (26) ධාවනය වෙමින් පැවති දුම්රිය එංජිම නවතා එහි සිටි රියදුරට සහ සහයකට දරුණු ලෙස පහර දී ඇති බව ඒ මහතා පැවසීය.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි ලෙස පහර කෑමට ලක් වු නිලධාරින් දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටින බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්, ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

Read more

Local News