STF වෙඩි පහරින් හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් මරුට

Share

කොට්ටාව, රුක්මල්ගම අධිවේගී මාර්ග ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි, සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම අවස්ථාවේදි විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරින් විසින් එල්ලකළ ප්‍රති ප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇත.

එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන අය බව හඳුනාගෙන ඇත.

සැකකරුන් සන්තකයේ තිබි මැෂීන්ගන් වර්ගයේ තුවක්කුවක් මයික්‍රෝ වර්ගයේ පිස්තොල අවියක් සොයාගෙන ඇත.

Read more

Local News