අධි සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

Share

MEIN SCHIFF 3 (මෙයින් ෂිෆ් -3) අධි සුඛෝපභෝගී මගී නෞකාව ඊයේ(26) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු විය.

මගීන් 2,430ක් හා 995 ක කාර්ය මණ්ඩලයක් සමගින් කොළඹ වරාය වෙත සිදුකරන ලද ප්‍රථම ආගමනයයි.

නෞකාව ජර්මනියේ TUI Cruises නෞකා ජලායට අයත් වන මගී නෞකාවකි. මෙම නෞකාවේ උපරිම දිග මීටර් 295ක් වන අතර, උපරිම පළල මීටර් 36කි. කාමර 1250ක් සහිත නෞකාවේ සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1000කි. රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 2,500කි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා හා නෞකාවේ කපිතාන් ඇල්වෙරෝපවුලෝස් ජෝර්ජ් (Alevropoulos George) යන මහත්වරුන් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු වි ය.

Read more

Local News