රාජිතගෙන් එජාපය ගැන හෙළිදරව්වක්

Share

රාජපක්ෂ සහ සිරිසේන කුමන්ත්‍රණයට එරෙහිව 122 ක බහුතර බලයක් සිය පක්ෂය විසින් පෙන්වා තිබෙන බවත්, එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 130 කට වඩා බහුතරය පෙන්වීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කළුතර නගරයේ පැවති “යුක්තියේ ජනහඩ” විරෝධතා රැළියට එක්වෙමිනි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ “රාජපක්ෂ සහ සිරිසේන කුමන්ත්‍රණයට එරෙහිව අපි 122 ක බහුතර බලයක් පෙන්වා තිබෙනවා. පසුගිය 26 දා පස්වරුව වන විට බහුතර බලය 123 වුයේ වසන්ත සේනානායක මහතාගේ ආගමනයත් සමගයි. තවත් ප්‍රබලයෙක් අපේ පැත්තට පැමිණීමට සුදානමින් සිටිනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ඒ පිළිබදව සාකච්ඡා පවත්වා අවසන්.

අනුමැතිය ලැබුන පසු එම ප්‍රබලයාත් අපේ පැත්තට ගන්නවා. එවිට බහුතර බලය 124 යි. ඉදිරියේ දී එම බහුතර බලය මන්ත්‍රීවරුන් 130 කට වඩා පෙන්වමින් ජන සටන ඉදිරියට ගෙන යනවා. මම රාජපක්ෂලා අභියෝග කරන්නේ මන්ත්‍රීවරුන් 85 ක් පෙන්වන්න කියලයි. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ මාරුවෙනවා.

කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා මෙම කරපු කුමන්ත්‍රණයට එරෙහිව සෘජු ස්ථාවරයක සිටිනවා. මීට මුලික වූ එස්.බී දිසානායක මහතා කට ඇරියොත් බොරු කියනවා කියලා තමයි වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. එස්.බී දිසානායක මන්ත්‍රිවරයා රංගේ කියා කථා කරමින් ජනතාව අතර අප්‍රසාදයට පත් වුනා.

ජනතාව හිනා වුනා. බැසිල් රාපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වෙලා සන්ධාන හදන්නේ නැහැ කියලා. ඉදිරි මැතිවරණ වලට පොදුජන පෙරමුණ තනිව ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා සිරිසේන මහතාට සිදු වන්නේ මොකක් ද කියලා එයා දන්නෙත් නැහැ.

සිරිසේන මහතා හතුරාට මිතුරා පාවාදුන් රාජ්‍ය නායකයෙක්. අපි මෙම සටන ජයග්‍රහණය කරා ඉදිරියටම ගෙන යනවා. අවසන් සටන තිබෙන්නේ කොළඹ දී. සිරිසේන මහතාගේ කාර්යාල, නිවාස, ජනතාව සමග එකතු වෙලා වටලනවා. මෙම සටන වැඩිකල් නොගොස් අවසන් කරනවා.. හොර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූණ මැලවිලා තිබෙන්නේ.

එයා කොහොමද හිටියේ. දැන් කොහොමද ඉන්නේ. පොදුජන පෙරමුණේ සාමාජිකයින් මහින්ද රාජපක්ෂ මහතාට  බනිනවා. මේ අපරාදයක් කර ගත්තේ ඇයි කියලා. කෙසේ වෙතත් එමගින් එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වුනා. ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණදිය හැකි ආකාරයකට සන්ධාන ගත වුනා.

වත්මන් ජනාධිපතිවරයා තමන්ට ව්‍යවස්ථාවේ නැති බලතල තමයි භාවිත කරන්නේ. ඇතැම් බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කළා කියලා ඔහු දන්නේ නැහැ. ඇමැතිවරයෙකු පත් කරන්න වත් ජනාධිපතිවරයාට බලයක් නැහැ. ඇමැතිවරු පත් කරන්න බලයක් ජනාධිපති අගමැති පත් කරන්නේ කොහොම ද. පාර්ලිමේන්තුවට තමයි බලය තිබෙන්නේ.

අපි මෙම ජන සටන අවසන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයට පත් කරමින්. පුළුවන් නම් එය නතර කරන්න. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්වුවහොත් විනාඩි 05 ක් වත් ඉන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එය හරිම හොදයි. අවසාන අරගලය මහජන සටනකින් තමයි අවසන් වෙන්නේ. වීදි සටන් ද ඊට ඇතුළත්.”වන බවයි.

Read more

Local News