දවසකට කාන්තාවන් 137 ක් ඝාතනය වන බවට අනාවරණයක්

Share

ලොවපුරා කාන්තාවන් 137 දෙනෙකු දෛනිකව තම සැමියා හෝ ඥාතියෙකු අතින් මියයන බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් අදාළ සමීක්ෂණය සිදුකර ඇත.

එම සමීක්ෂණයේ වාර්තාවට අනුව 2017 වර්ෂයේ දී මියගිය කාන්තාවන් 87000 කින් 30,000 ක් පමණ සහකරුවන් විසින් ඝාතනය කර තිබේ.

ඉන් අඩකට ආසන්න සිය හිතවතුන් විසින් ඝාතනය කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර 20000ක් පමණ කාන්තාවන් ඝාතනයට ලක්ව ඇත්තේ සිය පවුලේ සාමාජිකයෙකු අතින් වීම විශේෂත්වයක් වන අතර ලෝකයේ සිදුවන සෑම පුද්ගල ඝාතන දහයකින් අටකට වගකිවයුතු වන්නේ පිරිමින් බවට එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

“කාන්තාවක් ඝාතනයට ලක් වීමේ වැඩිම අවදානමක් ඇති ස්ථානය සිය නිවස,” යැයි එම වාර්තාවේ සඳහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම සම්පූර්ණ වාර්තාව මෙතැනින්

 

Read more

Local News