වාසු පොඩි කාර් එකට සීමා දායි

Share

රුපියලේ කඩා වැටීම පාලනය කිරීමට නම් ලංකාවට ඩොලර් පැමිණීම වර්ධනය කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම රටින් ඩොලර් පිටවීම පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

වාසුදේව මහතා වැඩ්දුරටත් පැවසුවේ සුරකුම්පත්වල ආයෝජනය කර ඇති ඩොලර් ඉවත් කරගෙන යන බවත් එය පාලනය කළ නොහැකි බවයි.

එමෙන්ම පෞද්ගලිකව කරන ලබන ආනයනය සීමා කිරිමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම ඊට පෙර මාසය හා සසඳා බැලීමේදී අඩුවී ඇති බවත් ඔහු පැවැසීය.

“පුංචි කාර් ගෙන්වා අවසන්. ගෙන්වන්න අවශ්‍යතාවක් නැති තරමට වුවමනා කට්ටිය ගෙන්වා අවසන්. අපි කියන්නේ ලොකු කාර් හා මැද ප්‍රමාණය කාර් ගෙන්වන අයට බදු වැඩි කළ යුතුයි.

පුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.”

Read more

Local News