මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු 30 වන දා විවෘත වෙයි

Share

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) විවෘත කිරීමට නියමිත බව එම ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා පවසයි.

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමයට අයත් මොරගහකන්ද ජලාශය ඉතා කෙටි කාලයකින් මෙසේ පිරී යෑම හේතුවෙන් පහළ නිම්නයේ ගොවි ජනතාවට ජලය ලබාදීමට ද හැකිවන බව ඔහු කියා සිටියේය.

ජලාශයේ සමස්ත ජල පරිමාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර ඉන් කුඹුරු අක්කර අසූ දෙදහසක් අස්වැද්දීමට අපේක්ෂිත ය.

මොරගහකන්ද ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට කිලෝ වොට් 25 ක විදුලි ප්‍රමාණයක් එක්වන බැවින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වන බව දයානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News