පොහොර නැතිව උතුරේ ගොවීන් අසරණ වෙයි

Share

මෙවර මාස් කන්නය සඳහා උතුර පළාතේ ගොවීන්ට අවශ්‍ය පොහොර මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වේ.

ගොවිජන මධ්‍යස්ථානවලින් තමන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීම හේතුවෙන් පෞද්ගලික වෙළඳසැල්වලින් පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බව ගොවීන් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ හෙට දිනය වන විට මෙම තත්ත්තවය මඟ හරවා ගැනීමට හැකි වනු ඇති බවයි.

පොහොර ගෙන එන නෞකාවක් මෙරටට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස පොහොර හිඟයක් මතුව ඇති බව අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

Read more

Local News