අද්මිරාල් රූගත කළ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

Share

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළදී ප්‍රවෘත්ති වාර්තාකරුවන් පිරිසක් පහරදීමකට ලක්ව තිබේ.

අධිකරණය දිවා ආහාරය සඳහා කල් තැබූ අවස්ථාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේවර්ධන අධිකරණ පරිශ්‍රයේ සිට පිටතට පැමිණ ඇති අතර ඔහු ඡායාරූප ගතකිරීම හෝ වීඩියෝ කිරීම නොකරන ලෙසට ආරක්ෂකයින් විසින් දැනුම් දී ඇති අතර, එම අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිවිල් ඇඳමින් සැරසී සිටි එක් පුද්ගලයකු පොලිසියට බාරදී ඇති අතර පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් රාජකාරියට බාධ කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News