ගාමිණී සෙනරත් නඩුවේ සාක්ෂි විභාගය හෙට පවත්වයි

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (28) යළි විභාගයට ගනු ලැබිය.

එ් ඉකුත් 2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් “හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා” නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා අැති අතර අද දින සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සමාගම් රෙජිස්ටාර්වරයෙකු වන සිසිර කුමාර මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.

එ් අනුව හෙට (29) දින වැඩිදුර සාක්ෂි විභාගය පැවැත් වීමට නියමිතව තිබේ.

Read more

Local News