ධීවර ගැටලු වලට අගමැති උපදෙස්

Share

ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබා දි තිබේ.

අගමැතිවරයා මෙම උපදෙස් ලබා දි අැත්තේ ඊයේ (27) ධීවර කර්මාන්තයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා උතුරු නැගෙනහිර ධීවර සංවිධාන, බහුදින යාත්‍රා ධීවර සංවිධාන, කුඩා ධීවර කර්මාන්ත සංවිධාන ඇතුළු සියලු ධීවර සංවිධාන වල නියෝජිතයින් හමු වූ අවස්ථාවකදිය.

එහිදී දැනට ධීවරයින් හට පවතින නිෂ්පාදන වියදම අධික වීම සහ නිෂ්පාදනයට සාධාරණ මූලික යෙදවුම් මිලක් ඇති කිරීම සම්බන්ධව පවතින ගැටලු සහ ධීවර වරායවල් සහ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් පවතින ගැටලු මෙහිදී අගමැතිවරයාගේ අවධානයට යොමු විය.

එමෙන්ම ධීවර බෝට්ටු නිෂ්පාදනය සඳහා අවශ්‍ය “ෆයිබර්” ඇතුළු අමුද්‍ර‍ව්‍ය ආනයනය කිරීමේ දී රජයේ ආනයන බදු අඩු කර දෙන ලෙස ධීවර කාර්මිකයින් කළ ඉල්ලීම පිළිබඳව අගමැතිගේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

තවද, දැනට ධීවර සංස්ථාව සතු ශීතාගාර ඉක්මණින් නවීකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යතුමාට උපදෙස් ලබා දුන් අතර ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට සහ අයිස් මිල පාලනයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් රක්ෂණ ක්‍ර‍මයක් සහ මවු නෞකා දෙකක් ලබා දීමටත්, ජීවිතාරක්ෂක පහුරු ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබාදෙන දී ඇත.

Read more

Local News