රාජ්‍ය වැටුප් සමාලෝචන කොමිෂමේ වාර්තාව ජනපතිට

Share

 

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ.

කොමිෂමේ සභාපති එස්.රනුක්ගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිට පිළිගන්වා ඇති අතර එහි සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටියහ.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ‍්‍රිත ගැටලූ හෝ විෂමතා ඇත්නම් ඒවා විසදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිෂම පත් කරන ලදී.

2018-08-14 වන දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණයකට අනුව ය.

එස්. රනුග්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද, එච්.ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත් කොට ඇති මෙම කොමිෂමට සාමාජිකයන් 15 දෙනෙක් ඇතුළත් වෙයි.

Read more

Local News