විදෙස් මුදල් හොරා ගත්ත කතුන් දෙකක් ඇතුළු 3ක් අත්අඩංගුවට

Share

රුපියල් කෝටි දෙකකට ආසන්න විදෙස් මුදල් තොඟයක් සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී යුරෝ 1300ක්, ඇමෙරිකානු ඩොලර් 1100ක්, ශ්‍රී ලංකා රුපියල් කෝටියකට අධික මුදලක් සොයාගෙන තිබේ.

ඊට අමතරව සහ රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා රණ් භාණ්ඩ තොඟයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අද දින අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News