එජාපෙ මන්ත්‍රී මණ්ඩලයෙන් තීරණයක්

Share

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ මොහොතේ අගමැතිධුරය හිමිවිය යුතු බවත්,එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු අග්‍රාමාත්‍ය ධුරය නොගතයුතු බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

එහිදි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බහුතරය පෙන්වුවද ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම දේශපාලන සදාචාරයටද සම්පූර්ණ පටහැනි බැවින් අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නොකිරීමටද එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන තිබේ.

අගමැතිවරයා පිළිබද සිය පාක්ෂිකයන්ගේ කිසිදු අර්බුදයක් නොවන බව හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.එ් මහතා මේ බව පැවසුවේ ඊයේ (28) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එ් මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින්, “අග්‍රාමාත්‍යවරයා පිළිබඳ අපේ පක්ෂයේ කිසිම අර්බුදයක් නැහැ. අපි සියලුදෙනාම ඉන්නේ තවමත් එකම මතයේ. තාමත් අපේ දත් ගලවන්න මේ අයට බැරිවුණා. අපි පැහැදිලිව විශ්වාසකරනවා මේ ප්‍රශ්නය හෙට දවසේදී නිමාවෙයි කියලා.

මොකද පාර්ලිමේන්තුවේදී අගමැති කාර්යාලයේ වැය ශීර්ෂය කපාහැරීමෙන් පසුව ජනාධිපතිවරයාට තීරණයක් ගන්න සිදුවේවි. හෙටවත් ජනතාවට කන්දෙන්න කියලා මම ජනාධිපතිවරයාට  කියනවා. එහෙම නොවුණොත් රටේ මේ රැල්ල කැරැල්ලක් වෙන්න පුළුවන්. ඒකට ඉඩ තියන්න එපා ජනාධිපතිතුමනි” යැයි පැවසීය.

Read more

Local News