දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 4 කට තුවාලයි

9

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර 98 වන කිලෝමීටර් කණුව අසලදී අද (29) අලූයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් හතරදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ යකඩ වැටටද දැඩි හානි සිදුවී ඇති බවයි පොලීසිය කියා සිටියේය.