මේ වසරේ ගතවු මාස 11ට අල්ලස් පැමිණිලි 2956ක්

Share

2018 වසරේ ගත වූ කාලය තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 2956ක් ලැබී තිබේ.

ඉන් පැමිණිලි 1848ක් විමර්ශනය කිරීමට තීරණය කර ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ.

ඒ අතර අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් 411ක්, දුෂණ සිද්ධීන් 1286ක් සහ අයුතු වත්කම් සිද්ධින් 88ක් වන බව සඳහන්ය.

මේ වන විට අල්ලස් කොමිසම විසින් අධිකරණවල නඩු 338ක් පවරා ඇති අතර නඩු 95ක් අවසන් කර ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News