O/L විභාගයට රැඳවුවන් 12ක්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර රැඳවුවන් 12 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවුවන් 11ක් සහ කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් එක් රැඳවුවෙක්ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

මැගසින් බන්ධනාගාරයෙන් මෙම විභාගය සඳහා පෙනීසිටීමට සූදානම්ව සිටින රැඳවියා දමිළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.

Read more

Local News