ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාද බෑ- දයා කියයි

Share

ස්ථාවර නියෝගවල 36 වගන්තියට අනුව අගමැති හෝ ඇමැතිමණ්ඩලය පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බව අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දිීමේ මාධ්‍ය හමුවට එකවෙමිනි.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා කියා සිටියේ අධිකරණ කටයුත්තක විනිශ්චයට භාජනය වී ඇති හෝ විභාගයට ගෙන ඇති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 36 වගන්තියේ පැහැදිලි ලෙස දක්වා ඇති බවයි.

අගමැතිවරයාට හා ඇමැතිමණ්ඩලයට එරෙහිව මේ වන විට අභියාචනාධිකරණයේ නඩුවක් විභාගවන බැවින් විපක්ෂය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවද විවිද කළ නොහැකි බව හෙතෙම පැවැසීය.

Read more

Local News