හෙපටයිටිස් නම් වෙෙරස් රෝගයක් කැලිෆෝනියා ප්‍රාන්තයෙන්

Share

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවාස නොමැති ජනතාව අතර පැතිර යන හෙපටයිටිස් නම් ඝෘජුවම අක්මාවට හානි පමුණුවන වෛරස් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙම රෝගය පැතිර යන බවත්, මේ හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වේ.

වසර 20කට පසුව හෙපටයිටිස් රෝගය අමෙරිකාව පුරා දරුණු ලෙස පැතිර ගිය දෙවන අවස්ථාව මෙය වන අතර කැලිෆෝනියාවේ පුද්ගලයින් 500කට පමණ මෙම රෝගය වැළදී ඇති බව වාර්තා වේ.

Read more

Local News