ශ්‍රී පාද මාර්ගයේ කැළි කසල කඩිනමින් ඉවතට

Share

ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පැවසුවේ ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමලූව දක්වා වු මාර්ගයේ මහගිරිදඹ වැලවිට වංගුව ප‍්‍රදේශයට ශ්‍රී පාද උඩමලූවේ සිට පහළට කඩා ගෙන පැමිණ තැන්පත් වී ඇති කැළි කසල කඩිනමින් ඉවත් කරන බවයි.
සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න පැවසුවේ පසුගිය දිනවල ශ්‍රී පාද උඩමලූව ප‍්‍රදේශයට අඛණ්ඩව පතිත වු ධාරානිපාත වර්ෂාවත් සමඟ මිට සිව් දිනකට ප‍්‍රථම ශ්‍රී පාද මළුවේ එක් රැස්වි තිබු කැළි කසල පැවති වර්ෂාවත් සමඟ පහළට කඩාගෙවිත් මෙම මාර්ගයේ ස්ථාන දෙකක තැන්පත් වි ඇති බවය.

Read more

Local News