නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Share

යාපනයේ අරියකුලම් වයිමන් වීදියේ නිවසකට අද(29) දා අලුයම එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ නතර කර තිබූ ත්‍රී රෝද රථ දෙකක් යතුරු පැදියක් හා පාපැදියක් ගිනි ගෙන විනාශ වී තිබේ.

මේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් නිවසටද හානි සිදුව ඇති අතර බෝම්බ ප්‍රහාරය නිසා නිවසට ගින්න පැතිර යාම වළක්වා ගෙන අැති බවටයි අප වාර්තාකරු පැවසුවේ.

යතුරු පැදිවලින් පැමිණි අට දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලාගිය බවට තොරතුරු ලැබී තිබේ.

නිවෙස් හිමියා පොලීසියට පවසා ඇත්තේ තමන් කීසිඳු කණ්ඩායමකට සම්බන්ධ නොමැති බවත් දන්නා තරමට යාපනයේ ක්‍රියාත්මක කිසිඳු කල්ලියකට තමන් සමඟ අමනාපයක් නොමැති බවයි.

මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න හෝ ඒ පිළිබඳව සැකකළ හැකි අයෙකු නොමැති බවද ඔහු පොලීසියට පවසා ඇත.

යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Read more

Local News