අද රැස්වූ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවට පටහැනි බව දිනේෂ් කියයි

Share

අද දින රැස්වන පාර්ලිමේන්තුව නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනිව පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් තෝරගත් පක්ෂ නායකයින් කිහිප දෙනෙක් කැඳවා අද දින පැවැත් වූ පක්ෂ නායක රැස්වීම නීත්‍යානුකූල නොවන බවත්,  කථානායකවරයාට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්වූ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාටත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එම ව්‍යවස්ථා විරෝධී කටයුත්ත සඳහා ආණ්ඩු පක්ෂය ලෙස සහභාගී නොවන බව ඒ පිළිබඳ අදාළ පාර්ශව දැනුවත් කළ බවත් ඒ මහතා පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍ර සැකසීම පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන් හිතුවක්කාර තත්ත්වයකට පරිවර්තනය වීම පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තිබෙන ගෞරවය හා නීත්‍යානුකූල භාවය කඩා වැටෙන ක්‍රියාවලියක් ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

Read more

Local News