ඡන්දය ප්‍රකාශ කරන්න විද්‍යුත් ක්‍රමයක් හදුන්වාදීමේ සූදානමක්

Share

ඉදිරි ඡන්දවලදි ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වා දිමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (29) ගාල්ලේදී පැවසිය.

ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් පවත්වන ලද කාටුන් හා චිත්‍ර තරගයේ ජයග්‍රාහික පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතික ප්‍රධානය කිරිම නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේ දී දේශප්‍රිය මහතා මේ බව පැවසීය.

දියුණු රටවල මෙන් ඉදිරියේ ලංකාවේද ඡන්ද මධ්‍යස්ථාන විද්‍යුත් ක්‍රමයට ඡන්දය භාවිතා කළ හැකි ඡන්ද මධ්‍යස්ථාන බවට සැළසුම් කරන බවයි. එයට අමතරව 2019 වසරේ සිට සෑම වසරකම ජනවාරි 31 ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ දිනය ලෙස නම්කර සියලුම පාසල්වල එම දිනය සැමරිමට කටයුතු කරන බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News