ඌවේ විපක්ෂය කළු පටි පැළඳ එයි

Share

ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් අද (29) කළු පටි පැළඳ සභාවට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා විසින් පත් කළ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු නව අමාත්‍ය මණ්ඩලයට විරෝධය පළ කරමින් මෙලෙස පැමිණ තිබේ.

මේ අතර අද ඌව පළාත් සභාව රැස්වූ අවස්ථාවේ දී ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් විසර්ජන ප‍්‍රඥප්ති හා පරිපූරක ඇස්තමේන්තු 04ක් සභාවට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනා සියල්ල ඒකච්ඡන්දයෙන් සම්මත වූ බව වාර්තා වේ.

Read more

Local News