තාජුඩීන් ඝාතනයේ සැබෑ සැකකරුවන් අත්ඩංගුවට ගන්න නියෝගයක්

Share

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන සිදුවිම අදාළව අධිකරණයේ විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදීය.

දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තොරතුරු වසන් කිරිමේ හා ව්‍යාජ ලේඛණ සකස් කිරිමේ චෝදනා යටතේ වන හෙයින් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1200ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් දුරකතන විශ්ලේෂණ වාර්තා ලක්ෂ 22කට ලබාගෙන ඇති බවයි.

තාජුඩීන්ගේ දුරකනය සම්බන්ධයෙන් වොහාරික විද්‍යා පරීක්ෂණ වාර්තාව පිටු 172කින් සමන්විත බවත් ඒ අනුව මෙය දීර්ඝ විමර්ශනයක් බවත් සඳහන් කළේය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කල්ගත විය හැකි බවද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පැවැසීය.

කෙසේ වෙතත් අදාළ ඝාතනය සිදුවූ දින වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස ගිය රථයක ගිය පුද්ගලයෙකු ඇඳ සිට ටී ෂරට් එකක් හා එහි අංකයක් පිළිබඳව ලබාගෙන ඇති CCTV දර්ශණ අනුව පරීක්ෂණ පවත්වන බවත් පැවැසීය.

පරික්ෂණවල ප්‍රගතිය 2019/2/28 දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් අධිකරණය නියෝග කළේය.

Read more

Local News