මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම අද

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද(30) පෙරවරුවේ විවෘත කිරිමට නියමිතව තිබෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද දිනයේ එම අවස්ථාවට එක්විමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වෙයි. මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බව සඳහන් වෙයි.

මොරගහකන්ද ජලාශයේ රන්දිවර මුදාහැරිම පසුගිය ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර එහි වාන් දොරටු විවෘත කරන පළමු අවස්ථාව මෙය වෙයි.