නීති විරෝධීව ගෙනා රත්‍රං තොගයක් හරිත මාවතේ හිරවෙයි

Share

මාලදිවයිනේ සිට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයින් ඊයේ(29) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ , රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් වන අතර අනෙක් පුද්ගලයා 46 හැවිරිදි මාල දිවයින ජාතිකයෙකි.

අදාළ සැකකරුවන් ඊයේ රාත්‍රී 6.20 ට මාලදිවයිනේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි .

අදාළ රත්තරන් තොග රුපියල් 31,48,810 ක් වටිනා රත්තරන් බිස්කට් 02 ක් සහ රත්තරන් මාල 02 ක් තිබූ අතර, ඒවායේ මුළු බර ග්‍රෑම් 233 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපොළේ රේගු විසින් සිදු කරයි.

Read more

Local News