බොරැල්ලේ පාරක් වැසෙයි

18

දෙමටගොඩ හා බොරැල්ල පොලිස් වසම්වලට අයත් සිරිධම්ම මාවතේ කොටසක් අද(30) රාත්‍රී 10.00 සිට ලබන 03 වනදා උදෑසන 05.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ සිරිධම්ම මාවතේ ආනන්නද රාජකාරුණා මාවත සිට ජේ.ඩී ප්‍රනාන්දු මාවත අතර කොටස මෙසේ වසා තැබෙන බවයි.

ජල නල එලීමේ කටයුක්තක් හේතුවෙන් මෙලෙස එම මාර්ග කොටස වසා තැබෙන අතර මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග සඳහා යොමු වන ලෙස පොලීසිය දැනුම් දෙයි.