මෙරට විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිලේ

Share

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets” නමැති පැණි දොඩම් විශේෂය වගා කෙරෙන අතර පැණි දොඩම් පැළ 85,000ක් මෙම කලාපය තුළ වගා කෙරේ.

මෙම පැණි දොඩම් කලාපය ස්ථාපිත කිරීමේ කටයුතු ලබන 03 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම කලාපය තුළ වගා කෙරෙන සමස්ත පැණි දොඩම් අස්වැන්න අපනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසු අස්වනු තාක්ෂණික ආයතනයට උපදෙස් දී ඇත.

2017 වසරේදී අප රටට දොඩම් ආනයනය සඳහා වැය වූ මුදල රු.මි.2766කි.

Read more

Local News