මොරගහකන්දේ වාන් දොරටු ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

Share

විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශ වාන් දොරටු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මීට සුළු මොහොතකට පෙර විවෘත කර තිබේ.

මොරගහකන්ද ජලාශයේ රන්දියවර මුදාහැරිම පසුගිය ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර එහි වාන් දොරටු විවෘත කරන පළමු අවස්ථාව මෙය වෙයි.

මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි හාරලක්ෂ 60,000ක් වන අතර ඉන් කුඹුරු අක්කර 82,000ක් අස්වැද්දීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000කට පමණ දියවර සැපයෙයි.

ඒ අනුව එම පළාත්වල අක්කර ලක්ෂ 03ත් අස්වැද්දීමට නියමිත අතර එමගින් ලක්ෂ 15කට සෙත සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News