නාමල්ගේ නඩුව කල් තැබීමට නියෝග කෙරේ

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් යොදවා ගවර්ස් කෝපරේට් සමාගමේ කොටස් අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(30) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජේෂ්ඨ නීතිඥවරු අද දින වෙනත් නඩුවකට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින හෙයින් මෙම නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව නඩුවේ සාක්ෂි විභාග අප්‍රේල් මස 03 වනදා දක්වා කල් දැමූ කොළඹ මහාධිකරණය එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අවවාද කරනු ලැබීය.

Read more

Local News