ක්‍රිකට් නිලවරණ කමිටුව පත්කළ බව අධිකරණයට දැනුම් දෙයි

Share

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කමිටුව මේ වන විට පත් කර ඇති බව ක‍්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට අද (30) දැනුම් දී තිබේ.

ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග ගොනු කළ රිට් පෙත්සමක් අද කැදවූ අවස්ථාවේයි.

අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන එහිදී පැවසුවේ ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා නිළවරණ කමිටුව පත් කර ඇති බැවින් මීලඟ පියවර ලෙස නාමයෝජනා කැදවීම සිදුකරන බවයි.

කෙසේවෙතත් මෙම පෙත්සම දෙසැම්බර් මස 3 දා විභාගයට ගැනීමට අද නියම කෙරිණි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා පැවැත්වීමට නියමිත නිලවරණය වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළේය.

Read more

Local News