කොළඹ වරාය පුළුල් කිරීමේ ගිවිසුමකට අත්සන් තබයි

Share

කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ පුළුල් කිරීමේ කටයුතු සඳහා රජය, චීන සමාගම් සමඟ ගිවිසුම් දෙකකට ඊයේ (29) අත්සන් තැබා තිබේ.

ජයබහලුම් පර්යන්තයේ ගැඹුරු දිය නැංගුරම් පහසුකම් පුළුල් කිරීම සඳහා එලෙස චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සමඟ අත්සන් තැබූ ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 32 ක්.

ඊට අමතරව, ජය බහලුම් පර්යන්තයේ නව දොඹකර 3 ක් ස්ථාපිත කිරීම සඳහා ෂැංහයි ෂෙන්හුවා හෙවී ඉන්ඩස්ට්‍රීස් සමාගමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 25 යි දශම 7 ක ගිවිසුමකට අත්සන් තබා තිබේ.

අදාළ ගිවිසුම්වලට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක අත්සන් තැබූ අතර, චීන සමාගම්වල නියෝජිතයන් අදාළ සමාගම් නියෝජනය කරමින් අත්සන් තබා ඇති බව සඳහන්ය.

අදාළ ගිවිසුම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර, අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව මගින් ද ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බව වරාය අධිකාරිය සඳහන් කළේය.

Read more

Local News