උතුරු දකුණු කොරියා දුම්රිය සේවා යළි පණ ගන්වයි

Share

දශක ගණනාවකට පසු ප්‍රථම වරට දකුණු කොරියානු දුම්රියක් අද (30) උතුරු කොරියාවට පැමිණ තිබේ.

ලොව වඩාත්ම රැකවල් යෙදූ දේශසීමාව හරහා එම දුම්රිය උතුරු කොරියාව වෙත ගමන් කළේ දෙරට අතර, දුම්රිය සබදතා යළි පණ ගැන්වීමේ කටයුතු සොයා බැලීමටයි.

පසුගිය වසරක කාලය තුළ දෙරට අතර, සබදතා කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර, දුම්රිය සබදතාව තුළින් දෙරටේ වෙළද සහ සංචාර කටයුතු වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි.

දකුණු කොරියාවෙන් අද පැමිණි 28 දෙනෙකුගෙන් යුත් දුම්රිය විශේෂඥයන් උතුරු කොරියාවේ දුම්රිය යටිතල පහසුකම් පරීක්ෂාවට ලක් කරනු ඇත.

Read more

Local News