ජනාධිපතිගේ පෞද්ගලික නීතීඥයා අසත්‍ය ප්‍රකාශ කළ බව පිළිගනියි

Share

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාගමය අයත් මොස්කව් ව්‍යාපෘති සම්බන්ධයෙන් තමන් කොන්ග්‍රස් මණ්ඩලය හමුවේ අසත්‍ය ප්‍රකාශ කළ බවට ජනාධිපතිවරයාගේ පෞද්ගලික නීතීඥ මයිකල් කොහෙන් පිළිගෙන ඇත.

මෑන්හැටන් හි අධිකරණයක් හමුවේ ඔහු මෙම ප්‍රකාශය නිකුත් කළ අතර එහිදී තමන් කළ වරද සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

2017 වසරේදී කොන්ග්‍රස් මණ්ඩලය හමුවට ලිඛිත ප්‍රකාශයක් යැවූ කොහෙන් ට්‍රම්ප්ගේ මොස්කව් දේපළ පිළිබද කටයුතු සියල්ල 2016 ජනවාරි මාසයේදී අවසන් කළ බවට තහවුරු කළේය.

කෙසේ වෙතත් ඒ වසරේ ජූනි මාසය දක්වා අදාල වත්කම් ට්‍රම්ප් ආයතනය සතුව පැවැති බව පසුව හෙළිවී ඇත.

මෙම අනාවරණයත් සමඟින් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබද අමෙරිකාව පුරා නැවතත් කතිකාවත්ක් ගොඩනැගී ඇති බවද විදෙස් වාර්තා අනාවරණය කරයි.

 

Read more

Local News