නීතිවිරෝධී ආණ්ඩුව නිසා රට අඩාල වී ඇති බව සජිත් කියයි

Share

දැනට පවතින නීතිවිරෝධී ආණ්ඩුව බලයට පැමිණ විගස ගම්උදා වැනි වැඩසටහන් අත්හිටූ වීමට කටයුතු කළ බවත් නිවාස ණය වාරිකයන්ද  අත්හිටුවීමට ද කටයුතු කළ බවත් එක්සත් ජාතික පක්ෂය සූදානම් බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.

විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග නීතිවිරෝධී යැයි පවසන්නේ නම් ඒවා සම්බන්ධයෙන් යළි ඡන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවද ඒ මහතා පැවසීය.

තවද මේ වන විට ගම්පෙරළිය,එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ද නැවතී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියා මඟින් පාඩුව ජනපතිට හෝ අගමැතිට නෙවන බවත් මෙ වැනි ක්‍රියා මඟින් රටේ පොදු මහජනතාවයි පීඩාවට පත්වන බවත් නීත්‍යනුකූල ආණ්ඩුව ස්ථාපිත කළ විගසම ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් නැවැත්වීමට කටයුතු  කළ නිලධාරීන්ට උත්තර දීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂය සූදානම් බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News